(ඩබ්ලිව් .ඒ පියතිලක)
හිගුරක්ගොඩ පොලිසිය අසන්නයේ නිවසක් වටලා මත්කුඩු ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 700 ක් සමඟ හිටපු පොලිස් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයින් 11 දෙනෙකු අද (22) අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර මින්නේරිය ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් නිලධාරියෙක්ද සිටී.
මෙම පුද්ගලයා මත්කුඩු බෙදාහැරීම සහ පානය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගත වීම නිසා සේවයෙන් ඉවත් කරන ලද අයෙක් බවත් අනිත් පුද්ගලයින් මින්නේරිය සහ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 28 ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.
මෙම නිවසේ පදිංචිකරුවන් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට සහ නිවසේ සිටි පුද්ගලයින් මත්කුඩු පානය කරන බවට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.