IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ථුපාරාම පුදබිමේ වෙළෙදසැල් ඉවත්කිරීමට යාම ගැන විරෝධය

( බී.ජී.චතුරංග )

පරම්පරා කීපයක සිට ථූපාරාම පුදබිමේ වෙළඳාමේ නිරතව සිටින වෙළදුන් ඉවත් කිරීම සඳහා  අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමග අද  (21) එම ස්ථානයට රැස්වූ වෙළන්දෝ  ඊට  සිය විරෝධය පළ කර සිටියහ.

ථූපාරාම පෙත් මගේ වෙළඳාම කරමින් සිටියදී, තමන් ථූපාරාම රථ ගාල අසලට යොමු කිරීමත් සමග රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර එම වෙළෙඳසල් ඉදි කළ බවත්, විදුලිය ලබා ගෙන විදුලි බිල් ගෙවමින් නගර නගර සභාවට කඩ කුලී ගෙවමින් තමන් මෙතෙක් වෙළදාම සිදු කළ බව ඔවුහු මෙහිදී පැවසූහ. 

අනුරාධපුර පූජා නගරයේ සමාධි පිළිමය, ලංකාරාමය, රුවන්වැලිසෑය ඇතුළු බොහෝ ස්ථානවල වෙළඳුන් හට මේ වන විට ස්ථිර වෙළෙඳසල් ඉදි කර දි ඔවුන් වෙළදාමේ නිරත වන බවත්,  ථූපාරාමය අසල වෙළඳාමේ නිරත  තමන් ඉවත්  කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ වන විට අන්ත අසරණ වී ඇති බව එම වෙළඳුන් පැවැසූහ.

අනතුරුව වෙළෙන්දන් සමඟ සාකච්ඡා කළ නිලධාරීහු  ලබන අඟහරුවාදා වන තෙක් කල් ලබා දී එම ස්ථානයෙන් පිටව ගියහ.



අදහස් (0)

ථුපාරාම පුදබිමේ වෙළෙදසැල් ඉවත්කිරීමට යාම ගැන විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 100 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site