IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රත්නපුරේ තේ ඉඩම්වලින් ග්ලයිපොසෙට් ලීටර් 40,000ක් පසට එක්වෙලා

(අජිත්ලාල් ශාන්තඋදය)
 
රත්නපුර දිස්ත‍්‍රික්කයේ තේ ඉඩම්වල වල් මර්දනය සඳහා 2019 වසර තුළ ග්ලයිපොසේට් වල් නාශක ලීටර් 39,884ක් ලබාදී ඇතිබව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ රත්නපුර  සහකාර ප‍්‍රාදේශීය කාර්යාල සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි.
 
මෙම වල්නාශක ප‍්‍රමාණය තේ ගොවීන් 20,099ක් අතර බෙදා දී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 46කි. මේ වල් නාශක බෙදාහැර ඇත්තේ ඒ ඒ ප‍්‍රදේශවල පිහිටි තේ සමිති හරහාය.
 
තේ වගාවේ වල් නෙලීම සඳහා කාලයක සිටම භාවිත කරන ලද්දේ ග්ලයිපොසෙට් වල් නාශකයයි. එහෙත් පසුගිය රජය සමයේ එය තහනම් කරනු ලැබීය. පසුව තේ ගොවීන්ගේ දැඩි ඉල්ලීම අනුව තේ තේ සමිති හරහා සීමාන්තිකව ග්ලයිපොසෙට් වල් නාශකය බෙදා හරිනු ලැබීය.
 
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ජනගහනය ලක්‍ෂ එකොළහක් පමණ වන අතර ඉන් ලක්‍ෂ හතරකට ආසන්න ප‍්‍රමාණයක් කුඩා තේවතු හිමියෝ වෙති. අක්කර කාලේ සිටි අක්කර පහ දක්වා ප‍්‍රමාණයේ තේ ඉඩම් හිමි අය කුඩා තේ හිමියන්ගේ ගණයට වැටේ.
 
රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවට මෙම ග්ලයිපොසෙට් භාවිතය පිළිබඳ තොරතුරු කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සහකාර ප‍්‍රාදේශීය කළමනාකාර එච්.කේ. ලලිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
 
ග්ලයිපොසෙට් හේතුවෙන් වකුගඩු රෝග වර්ධනය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.



අදහස් (1)

රත්නපුරේ තේ ඉඩම්වලින් ග්ලයිපොසෙට් ලීටර් 40,000ක් පසට එක්වෙලා

lalithm Wednesday, 19 February 2020 07:43 AM

තේ වතු උදලු ගාන්න ගියොත් ගස් ගලවලා විසිකරන එක ඊට වඩා ලාබවෙයි. රබර් වලට වෙලා තියෙන්නෙත් ඒකමයි. කටුපොල් වවනවා හැර වෙන විකල්පයක් නැහැ.පොල් වගාත් පලක් නැහැ. ලෙඩ, අඩු ආදායම, හොරුන්ගෙන් බේරෙන්න බැරිකම. කටුපොල් වවන්න අවසර ලැබෙනවා නම් ජීවත් වෙන්නත් වගාවට ඉඩම් යොමු කරන්නත් පුළුවන් වේවි. නැත්නම් පුරන් වෙන එක වලක්වන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site