(නිමල කොඩිතුවක්කු)
මාධ්‍යවේදීන්ගේ අනාගත අභිවෘද්ධිය පදනම් කරගත් වෘත්තීය මාධ්‍යවේදී ආයතනයක් ලංකාව තුළ බිහිකිරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා කොළඹදී අද (1) පැවැසීය.
වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා සියලූම ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් අමාත්‍යාංශය මගින් මේ වනවිටත් ක‍්‍රියාත්මක බවද ලේකම්වරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවැසුවේ ‘‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018’’ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී එක් වෙමිනි.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන (10) දින ප.ව 4.00 සිට 7.00 දක්වා කොළඔ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.
උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරිම සඳහා මාධ්‍යවේදින් විසින් සිදු කරන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශිලී දායකත්වය ඇගයිම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්වෙන බව සුනිල් සමරවීර මහතා පැවැසීය.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ ප‍්‍රථම වරට බවත් ඉදිරියේදී ද සියලූම ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි මෙම මාධ්‍ය උළෙල අඛණ්ඩව පවත්වන බවත් ලේකම්වරයා එහිදී සඳහන් කළේය.
මෙවර සම්මාන උළෙලේදී 2017 වසරේ පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහින හා වෙබ් යන ක්ෂේත‍්‍ර සඳහා දායකත්වය හා ප‍්‍රතිභාව දැක්වු මාධ්‍යවේදින් සඳහා සම්මාන 47ක් පැරිනැමීමට නියමිතය.
මෙයට අමතරව පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහින හා වෙබ් යන ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රවීනයන් සඳහා යාව ජිව සම්මාන 04ක් පිරිනැමීමටද නියමිතය.
සම්මානලාභීන් තෝරාගනු ලැබුවේ විද්වත් කමිටුවක් මඟින් බවත් මෙහි කිසිදු සම්මානලාභියෙකුට කිසිදු පෞද්ගලික හා දැනහැඳුනුම්කම් මත සම්මාන ලබා නොදෙන බවත් ලේකම්වරයා එහිදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය පැට්ටි‍්‍රක් රත්නායක මහතා ඇතුලූ පිරිසක් එක්වූහ.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘වෘත්තීය මාධ්‍යවේදී ආයතනයක් ලංකාවේ බිහිකරනවා’