(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ කමිටුව මාස 10ක පමණ කාලයකින් රැස් කිරීමට එම සභහපතිවරුන් අපොහොසත් වී ඇතැයි පවසමින් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පුවරු අතැතිව නිහඬ විරෝධතාවයක යෙදුනහ.
සම සභහපතිවරුන් දෙදෙනකු සිටින බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ කමිටුව රැස් නොකිරීමෙන් පරිසරය විනාශ වී සංවර්ධන අඩාල වී ඇතැයි විරෝධතා කරුවෝ පැවසූහ.
මන්ත්‍රීවරු පිරිස අද (15) ප්‍රාදේශීය ලේකම්වරයා හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා හමුවීමේ බලාපොරොත්තුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියද ඔවුහු දෙදෙනා පුහුණුවකට ගොස් සිටියහ.අනතුරුව පරිපාලන නිලධාරිනි පී.යු.කේ සොයිසා හා සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා ස්වර්ණා කුරුප්පු මහත්මිය හමුවට ගොස් සම්බන්ධීකරන කමිටුව පැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇත්දැයි විමසූහ.
2025 දෙසැම්බර් මස 04
210
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බණ්ඩාරගම සම්බන්ධීකරණ කමිටුව මාස 10කින් කැඳවා නෑ