
(සුමිත් ප්‍රේමතිලක)
සුඛෝපභෝගී මෝටර් රථයක් සහ යතුරු පැදියක් අද උදෑසන වාද්දුව මොරොන්තුඩුව මාර්ගයේ පට්ටේලිය බෝක්කුව හන්දිය ආසන්නයේදී ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් පියකු සහ දියණියක තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
මෝටර් රථ රියදුරු සහ එහි ගමන් ගත් වෛද්‍යවරියක වාද්දුව පොලිසියට භාරවී ඇතැයි පොලිසිය කියයි .
මෝටර් රථ රියදුරු අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.