IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මිනීමැරුමකට වසර 2කට පසු දෙදෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

අනියමි සැමියා සමඟ එක්ව සිය නිවස තුළදී තම සැමියාට පිහියෙන් ඇන ඝාතනය කර නිවස පිටුපස ඇති කසළ වළකට දමා පිළිස්සූ කාන්තාවක් සහ එම අනියම් සැමියා අද(02) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
 
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගෝනපල කුඹුක පදිංචිව සිටි 48 හැවිරිදි ශිවපෙරුමාල් නන්ද කුමාර් නැමති දෙදරු පියෙකි.
 
ඔහු මිට වසර දෙකහමාරකට පෙර ගෝනපල කුඹුක බටහිර කොටුපත්ගොඩ ප‍්‍රදේශයේ කුලි නිවසකට සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ පදිංචියට පැමිණ ඇත.
 
ඔහු පදිංචිව සිටි මෙම නිවසට මීට වසර තුනකට පෙර සැකකාර කාන්තාවගේ ඥාති සොහොයුරෙක් පැමිණ ඇති බවත් ඔහු එම බිරිඳගේ සැමියාට අත්වැඩ ලබාදුන් අයෙක් බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය. 
 
2017 අපේ‍්‍රල් මස 01 දින සැකකාර කාන්තාව වන ශිවලිගමි නාගවල්ලි නැමැත්තිය මොරගහහේන පොලිසියට පැමිණ තම සැමියා ආරවුලකට නිවසින් පිටව ගිය බවත් මෙතෙක් නිවසට නොපැමිණි බවත් පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ල අනුව මොරගහහේන පොලිසිය විසින් පරීක්‍ෂණ පැවැත්වූ නමුත් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිව ඇත. මීට දින දෙකකට පෙර පොලිසියට ලද තොරතුරක් මත ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ 16 හැවිරිදි වැඩිමහල් පුතනුවන් පොලිසියට කැඳවා ප‍්‍රශ්න කිරීමේදී රුවන් වැල්ලේ මාමා තාත්තාට පිහියෙන් අනිනවා අඩ නින්දේ පසුවූ තමන් දුටු බවට පොලිසියට පවසා තිබේ.
 
ඒ අනුව සැකකාර කාන්තාව සහ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර ඇත. 
 
ඝාතනයට යොදා ගත් පිහියද ඔවුන් දැනට පදිංචි නිවසේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
 
අපරාධය සිදුවු ස්ථානයට මේවනවිට පොලිස් ආරක්‍ෂාව යොදා ඇති අතර හොරණ මහේස්ත‍්‍රාත්වරයාගේ අධීක්‍ෂණය යටතේ හෙට(03)  මළසිරුර ගොඩගැනීමට නියමිතය.

 

 



අදහස් (0)

මිනීමැරුමකට වසර 2කට පසු දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site