IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ෆේස්බුක් සාදයක මත්ද්‍රව්‍ය අලෙවි කළ සිව්දෙනෙකු අත්අඩංගුවට

(කේ. බුද්ධික කුමාරසිරි)
 
හෝමාගම පනාගොඩ ලේලන්ඩ් හන්දිය ප‍්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වාගෙන ෆේස් බුක් සාදයක් වටලා දේශීය සහ විදේශීය මත්පැන් සහ හඳුනානොගත් මත්ද්‍රව්‍ය විකිණීමේ නිරතව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.
 
අත්අඩංගුවට පත්ව ඇත්තේ සාදය සංවිධානය කළ බව කියන අතුරුගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 30 හැවිරිදි පුද්ගලයෙකු, සාදයේදී දුම්වැටි අලෙවි කළ එම ප‍්‍රදේශයේම පදිංචි  වයස අවුරුදු 23 ක තරුණයෙකු, මත්පෙති අලෙවියේ නිරතව සිටි බව කියන පානදුරේ සහ බත්තරමුල්ලේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 21 සහ 22 තරුණයින් දෙදෙනෙකි.
 
මෙම සාදය සඳහා මුහුණු පොතේ මිතුරු සංගමයක් හරහා 600 කට ආසන්න පිරිසක් රුපියල් 2000- බැගින් මුදල් ගෙවා වෙන්කර තිබූ බවත් වටලන අවස්ථාවේදී වයස අවුරුදු 17ත් 30 ත් අතර තරුණ තරුණියන් 400 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි බවද එම කාර්යාලය පවසයි.
 
පාදුක්ක සුරාබදු මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ලද තොරතුරක් මත උපාය දුතයන් දෙදෙනෙකු යොදවා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
බියර් කෑන් 56 ක් දේශීය මත්පැන් බෝතල් 55 ක් ද විදේශීය මත්පැන් බෝතල් 15ක් ද බදු නොගෙවූ දුම්වැටි 120 ක් ද අයිස් මත්ද්‍රව්‍ය සහ හඳුනා නොගත් මත් පෙති වර්ග ගණනාවක් ද සැකකරුවන් සතුව තිබී සොයා ගැනීමට හැකි වී ඇත.
 
සැකකරුවන් හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද (26) දින ඉදිරිපත් කිරීමට නියමිත අතර අනෙක් සැකකරුවන් සුරාබදු ආඥා පනත යටතේ කටයුතු කරන බවද එම කාර්යාලය පවසයි.



අදහස් (1)

ෆේස්බුක් සාදයක මත්ද්‍රව්‍ය අලෙවි කළ සිව්දෙනෙකු අත්අඩංගුවට

sharm warn Thursday, 30 January 2020 08:55 AM

මෙවැනි සාද කීයක්නම් මේ වෙනකොට වටලලා තියෙයිද ? මේවා අනිවාර්යයෙන් ලොකු බලවතෙකුගේ හයියෙන් කෙරෙන දේවල් විය යුතුයි. මොකද මත් ද්‍රව්‍ය ගෙන්වන්නේ සාමාන්‍ය ජනතාව නෙමෙයිනේ. මේවට සහභාගී වෙන අයගේ දෙමව්පියන්ටත් පොඩ්ඩක් තරවටු කළොත් හොදයි . තමන්ගේ දරුවෝ කොහෙද යන්නේ කාවද ඇසුරු කරන්නේ කියල දෙමව්පියෝ හොයලා බලන්නේ නැතිනම් කවුද ඒක කරන්නේ ? ළමයි 400 ක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි. හැම නගරෙකම පොලිසිය තව ටිකක් විමසිල්ලෙන් හිටියොත් මේවා මර්දනය කරන්න පුළුවන් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 157 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1688 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site