IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම හෙට සිට

(අජිත්ලාල් ශාන්තඋදය)

විවිධ ක්ෂේත‍්‍රයන් හි පළමුවැන්නියන් ගණනාවක්ම ලොවට දායාද කළ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් දින පහක් පුරා පැවැත්වෙන අධ්‍යාපන, කෘෂිකාර්මික සහ වෙළඳ ප‍්‍රදර්ශනය හෙට (27) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ‍්‍රයේ දී ආරම්‍භ වේ. 
ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝසී සේනානායක මහත්මිය ඇතුළු දේශපාලන,  පරිපාලන, අධ්‍යාපන, සෞඛ්‍ය, ඉංජිනේරු, වානිජ සහ සමාජ ක්‍ෂෙත‍්‍රයේ විද්වත් කතුන් රැසකගේ මුල් අධ්‍යාපන භූමිය වී තිබුණේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයයි. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකරණ ලද ගෘහස්ථ ක‍්‍රීඩාගාරය ද, ජනාධිපතිවරයා අතින් හෙට දින සිසු අයිතියට පැවරීමට නියමිතය. 
වනරෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පැල 4000 ක් බෙදා දීමද ජනාධිපතිවරයා අතින් සිදුකෙරේ. විද්‍යාලයේ දරු දැරියන්ගේ නිර්මාණ ද ඇතුළත් මෙම අධ්‍යාපන, කෘෂිකාර්මික සහ වෙළඳ ප‍්‍රදර්ශනය මේ මස 30දා තෙක්  පැවැත්වේ.



අදහස් (0)

ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම හෙට සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site