IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


’’හෙළ’’ ව්‍යාපාරය මුඛ ආවරණ 20000 ක් පරිත්‍යාග කරයි

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ  )

නාරම්මල හෙළ ඇගලුම් සමූහ ව්‍යාපාරය විසින් මුඛ ආවරණ 20000 ක් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට අද (24) සවස කටයුතු කළේය. 

මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජූන තිලකරත්න මහතා විසින් රජය වෙනුවෙන් මුඛ ආවරණ තොගය බාරගත් අතර මෙම මුඛ ආවරණ මධ්‍යම පළාතේ සියලුම රෝහල් කාර්‍ය මණ්ඩලය වෙත බෙදා හැරීමට නියමිත බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

රටේ පවතින ඇදිරි නීති තත්වයද නොසලකා හෙල ඇගලුම් ආයතනයේ සේවක සේවිකාවන් 35 දෙනෙකු පමණ මෙම සත්කාරය සාර්ථක කර ගැනීමට දායක වූ බව ආයතනයේ සාමාන්‍යාධිකාරී නිලන්ත කස්තුරිආරච්චි මහතා පැවසීය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම මත  මෙම අවස්ථාවට ආයතනයේ මානව සම්පත් කළමණාකාර මධුර අබේසේකර, මෙහෙයුම් කළමණාකාර සුසන්ත රණවීර සහ නිෂ්පාදන කළමණාකාර සංජිත් උදය කුමාර යන මහත්වරුද එක්ව සිටියහ.

මෙම මුඛ ආවරණවල වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බව හෙළ ආයතනයේ පාලනාධිකාරිය පැවසීය.



අදහස් (0)

’’හෙළ’’ ව්‍යාපාරය මුඛ ආවරණ 20000 ක් පරිත්‍යාග කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site