IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක්

(නිමල කොඩිතුවක්කු)

 
ජාතික ශිල්ප සභාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් “ශිල්ප සුරක්ෂා” නමින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. 
                                                          
මෙම රක්ෂණ ක්‍රමය 2019 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක අතර මෙහි පළමු අදියරේදී  හස්ත කර්මාන්ත ශිල්පීන් 5,000ක පිරිසකට රක්ෂණාවරණය පිරිනැමෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ  සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය. 
                                
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ භාර අරමුදල, පීපල්ස් ඉන්ෂූවරන්ස් ලිමිටඩ් යන ආයතනවලින් මෙම රක්ෂණාවරණය ලබාදීමට යොජනා වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. 

                                          
2019 වසරේදි ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 70කි.  
                              
“ශිල්ප සුරක්ෂා”රක්ෂණාවරණය ලබා ගන්නා හස්ත කර්මාන්ත ශිල්පීන්ට  හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම, ශරීර අංග අහිමිවීම, පූර්ණ අකර්මන්‍යතාවයට පත්වීම  යන හේතු  සඳහා රුපියල් ලක්ෂ පහක් බැගින් වූ වන්දියක්ද ස්වාභාවික මරණයකදී ලක්ෂයක්ද, රෝහල් ගතවීමකදී  දිනකට රුපියල් 2500 බැගින් දින 10ක් සඳහා වියදම ද ඇතුලු තවත් රෝග හා අනතුරු සඳහා රක්ෂණ වන්දි පිරිනැමීමට නියමිතය.                                                      

දිවයින පුරා හස්ත කර්මාන්ත ශිල්පීන් අධික සංඛ්‍යාවක් සිටින අතර ඉන් 28,000ක් පමණ පිරිසක් ජාතික ශිල්ප සභාවේ හස්ත කර්මාන්ත ශිල්පීන් ලෙස ලියාපදිංචි වී සිටිති. 



අදහස් (0)

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site