IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හාවුන් දඩයමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයේ  ’හාවුන් ’   දඩයමේ ගිය පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පතුරොම්  සහ වෙඩි තබා ඝාතනය කරන ලද හාවුන්  දෙදෙනෙකු සමග දඹුල්ල  වන සංරක්ෂණ නිලධාරීන් අද (01)  අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව දඹුල්ල  බීට්ටු වන නිලධාරී  එඩ්වඩ්  නොයෙල් මහතා පැවසිය.
 
වන සංරක්ෂණ නිලධාරී  කණ්ඩායමක්  ඊයේ (31)  මධ්‍යම රාත්‍රියේ ඉනාමලුව රක්ෂිතයේ මුර  සංචාරයක නිරතව  ඇත්තේ   කැලෑ ගිනි තැබීම්   සහ දඩයක්කරුවන්ගෙන් දිගින් දිගටම සිදුවන හානි පිළිබඳව සොයා බැලීම සඳහා වන අතර අලුයම තුනට පමණ විදුලි පන්දම් එළියක්  දැක  රක්ෂිතයේ සැඟවී  සිටිමින් දඩයමේ ගොස් නැවත නිවෙස් බලා යමින් සිටි මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව  නිලධාරීහු කියති.
 
කාලයක් තිස්සේ මෙම පුද්ගලයන් ඉනාමලුව රක්ෂිතයේ වන සතුන්  දඩයම් කරමින් සංචාරක හෝටල්වලට  මස් අලෙවි කිරීම සිදු කරන බවත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.
 
මෙම දඩයක්කරුවන් දිගින් දිගටම   ප්‍රදේශයේ දඩ මස්   අලෙවි කිරීම සඳහා නම් දරා සිටින පුද්ගලයන් බවත් සංචාරක හෝටල්වලට සහ විවිධ සාදවලට දඩමස් සැපයීම ඔවුන්ගේ රැකියාව බවට පත්ව ඇතැයි වර නිලධාරීහු කියති.
 
සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

හාවුන් දඩයමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ආනන්ද පිටබැද්දර Monday, 01 April 2019 06:11 AM

අහිංසක සත්තු මරාගෙන කන මේවගේ නපුරු මිනිස්සු නිසා තමයි අපේ රටට මේවගේ නියං කාලයක් හා නරක දේශගුණික විිපර්යාස ඇතිවෙන්නෙ සියලු දෙවියනුත් මගෙ මවුබිම දිහා දැන් බලන්නෙ නැහැ.නිලධාරීන් රෑ නිදිවරා ගෙන තම රැකියාව අකුරටම සිදුකිරීම ගැන ඉතාම සතුටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32243 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14718 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 73 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 348 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1272 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site