IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


හලාවත ප්‍රා.සභාවේ සභාපතිගේ යෝජනාව පරාජයට


 
(ජුඩ් සමන්ත)

 
හලාවත ප්‍රාදේශීය සභාවේ මංගල සභා වාරයේ දී පොදු කාරක සභාව පත් කිරීම සඳහා සභාපතිවරයා  ගෙන එන ලද යෝජනාව අද (11) වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.

හලාවත ප්‍රාදේශීය සභාව මාදම්පේ - සුදුවැල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස් විය.

සභාපතිවරයා පිළිගැනීම සඳහා පසුගිය 6 වැනි දා සංවිධානය කර තිබූ උත්සවය අතරට කඩා වැදුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කළහකාරී ලෙස හැසිරුණේය.

එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනාද සභාපතිවරයා නියෝජනය කරන පොදුජන පෙරමුණ පක්ෂයෙන්ම තේරී පත්වී තිබීම විශේෂත්වයක් විය.

කළහකාරී ලෙස හැසිරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනාද 11 වැනි දා මංගල සභා වාරයට පැමිණ සිටියේය.

සභාව ආරම්භ කිරීමේ පසුව සභාපතිවරයා විසින් පොදු කාරක සභාව සඳහා වන මන්ත්‍රීවරුන් නම් කිරීම සභාපතිවරයා විසින් සිදු කරන ලදි. එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව පොදුජන පෙරමුණ මන්ත්‍රී ජනිත දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

ඡන්ද විමසීමකින් පසු සභාපතිවරයා විසින් කරන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 14 ක් ද , විපක්ෂව ඡන්ද 16 ක් ද ලැබිණි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.



අදහස් (0)

හලාවත ප්‍රා.සභාවේ සභාපතිගේ යෝජනාව පරාජයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14048 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 176 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site