IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොලිරූඩ් වත්තේ ගිනි ගත් නිවාස වෙනුවට නව නිවාස දෙන්න පියවර

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

තලවකැලේ හොලිරූඩ් වත්තේ ගිනි ගැනීමට ලක් වූ නිවාස වෙනුවට නව නිවාස 24 ක් අමාත්‍ය පළනි දිගම්බරන් මහතාගේ කඳුරට නව ගම්මාන අමාත්‍යංශය මගින් ඉදි කර දීමට පියවර ගන්නා බව නුවරඑළිය විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.

තලවකැලේ හොලිරූඩ් වත්තේ ගිනි ගැනීමට ලක් වූ නිවාස පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (31) සහභාගී වෙමින් ඒ මහතා එසේ කීය.  

එහෙදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

      “අවතැන්ව සිටින සියළුම දෙනාට අවශ්‍ය සියළුම ආධාර, උපකාර හා පහසුකම් මේ වනවිට රජය මගින් සපයා දී තිබෙනවා. නව නිවාස සකස් කර දෙන තෙක් ඔවුන් දැනට තාවකාලිකව නැවැතී සිටින සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ තාවකාලික කාමර තැනීම සඳහා පියවර ගන්නවා. ඒ සඳහා තම අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා දීමට පියවර ගන්නවා යයිද කීය.”

 



අදහස් (0)

හොලිරූඩ් වත්තේ ගිනි ගත් නිවාස වෙනුවට නව නිවාස දෙන්න පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site