IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හල්දුම්මුල්ල රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි


( ඩී.කේ.රත්න )

හල්දුම්මුල්ල මරංගහවෙල මහවංගුව රක්ෂිතයේ අද (20) ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර  පහක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පවසයි.

මෙම රක්ෂිතය ගිනි ගැනීම නිසා එම රක්ෂිතයේ තිබූ වටිනා ශාඛ හා සත්ව විශේෂ රැසක් ගින්නට හසුවීමෙන් විනාශ වී තිබේ.

මෙම ගින්න හටගැනීමත් සමග හල්දුම්මුල්ල පොලීසිය දියතලාව යුද හමුදා කඳවුරේ යුධ හමුදා නිළධාරීන්ගේ සහයෝගය මත ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. මෙම ගින්න නිවා දැමීමට කටයුතු නොකලේ නම් මෙම ගින්න විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරයාමෙන් විශාල විනාශයක් සිදු වීමට ඉඩ තිබී ඇතයි පොලීසිය කියයි.

කිසියම් පුද්ගලයෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් විනෝදය සදහා හෝ සතුන් දඩයම් කිරීම සදහා මෙම රක්ෂිතයට ගිනි ගබන්නට ඇතයි පොලීසිය පවසයි.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි හල්දුම්මුල්ල පොලීසියේ නිළධාරීහු  මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

හල්දුම්මුල්ල රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site