(ඩී.කේ.රත්න)
හල්දුම්මුල්ල සොරගුණේ ගෝනකැටියආර ප‍්‍රදේශයේ ඇළක තිබී ජීව අත්බෝම්බයක් අද (04) සොයා ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පවසයි.
මෙම අත්බෝම්බය යුද හමුදාව භාවිත කරන එස්.එස්.ජී. වර්ගයේ ජීව අත්බෝම්බයක් බව පොලිසිය කියයි.
ප‍්‍රදේශවාසීයකු හදිසි දුරකථන අංකයට දුන් තොරතුරක් අනුව මෙම අත්බෝම්බය සොයා ගෙන ඇත.
කිසියම් පුද්ගලයෙකු විසින් යම් කිසි අපරාධයක් කිරීම සඳහා මෙම ජීව අත්බෝම්බය රැගෙනවිත් මේ දිනවල රටේ පවතින තත්වය මත ඇළට විසිකරන්නට ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය සැක කරයි.
මෙම අත්බෝම්බය නිෂ්ක‍්‍රීය කිරීම සඳහා හපුතලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම්දී තිබේ.
හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හල්දුම්මුල්ල ඇළක ජීව අත්බෝම්බයක්