(ඩී.කේ.රත්න)
හාලිඇල අඹවක රක්ෂිතයේ අද (30) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් රක්ෂිතයේ අක්කර 20 ක පමණ භූමි භාගයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.
වියළි කාලගුණයක් ප‍්‍රදේශයට නොතිබුණ ද ප‍්‍රදේශයේ පවතින සුළං තත්වය නිසා ගින්න ඇතිවීමත් සමඟ ප‍්‍රදේශය පුරා ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.
මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ විටිනා ශාක පැලෑටි සහ ඖෂධ පැලෑටි රැසක් ද සත්ව විශේෂ රැසක් ද විනාශ වී ඇතැයි පරිසරවේදීහු කියති.
කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් වන සතුන් දඩයම් කිරීම හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හාලිඇල අඹවක රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි