( කේ බුද්ධික කුමාරසිරි)
කූට ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි සකස් කරමින් තිබූ ව්‍යාජ උප්පැන්න විවාහ මරණ සහතිකපත් තොගයක් සමඟ සැකකරුවකු අද (3) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මුදල් අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහයකයකු විසින් පාදුක්ක මිල්ලෑව දම්මානන්ද පෙදසෙහි සුපිරි නිවසක් තුළ පවත්වාගෙන මෙම මධ්‍යස්ථෘනය පවත්වාගෙන ගොස් තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ හොරණ කඳවුරේ ස්ථානාධිපතිට ලැබුණු බුද්ධි තොරතුරක් මත විශේෂ කාර්ය බළකා නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
එම නිවසෙහි තිබී සකස් කරමින් තිබූ ව්‍යාජ උප්පැන්න සහතික 25 ක් ව්‍යාජ විවාහ සහතික 35 ක් ව්‍යාජ මරණ සහතික 1 ක් එම ව්‍යාජ සහතික සකස් කිරීමට අවශ්‍ය නිල මුද්‍රා 10 ක් රජයේ ලියාපදිංචි කිරීමේ ආයතයකින් කිසියම් ආකාරයකින් ලබාගත් උප්පැන්න විවාහ මරණ ලියාපදිංචි කිරීමේ පිටපත් 39 ක් ද සොයා ගත් බවද එම නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද පෙදෙස පදිංචිව සිටි මුදල් කාර්යාල කාර්ය සහයකයකු වන 40 හැවිරිදි දෙදරු පියෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ව්‍යාජ සහතික පත් නිල මුද්‍රා ද සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරගහහේන පොලිසියට බාරදීමට කටයුතු කළ බවද එම කඳවුර පවසයි.
සැකකරු අද (4) හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ලේඛන සැකසූ කාර්යාල සහයකවරයකු අත්අඩංගුවට