(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව යාය හත ප්‍රදේශයේ සිදුකළ සොදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 400 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව සාලියවැව පොලිසිය කියයි.
සාලියවැව පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා සිදුකළ විමර්ශනයකින් පසුව අද (21) සවස මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි සාලියවැව යාය හත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පැවසීය.
මොහු කොළඹ තොටලග ප්‍රදේශයෙන් ඉතා සූක්ෂම ලෙස මත්කුඩු මිලදී ගෙන තැරැව්කරුවන් මගින් සාලියවැව හා ඒ අවට ප්‍රදේශවල ගණුදෙනුකරුවන්ට අලෙවිකර ඇති බව පොලිසිය පවසයි.
මෙම සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදී ගංජා සහ මත්පෙති සමඟ අත්අඩංගුවට පත්වූවෙකු බවත් පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට සැකකරු හෙට (22) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලිසිය කීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට