IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


හෙරොයින් සමඟ දෙදෙනෙක් බදුල්ලේදී පොලිස් දැලේ

(විජේරත්න රත්නායක)

හෙරොයින් මිලිග්‍රෑම් 6019 ක්ද සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අද (17) බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේදී බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක් සහ අවුරුදු 24 ක්වූ තරුණයින් දෙදෙනෙකි.

මින් එක් සැකකරුවෙකු පැදවූ ත්‍රිරෝද රථයක් සෝදිසි කිරීමේදී එහි සඟවා තිබූ මත්කුඩු මිලිග්‍රෑම් 2571 ක් සහ සැකකරු සන්තකයේ තිබූ තවත් මත්කුඩු මිලිග්‍රෑම් 958 ක්ද සොයාගෙන තිබේ.

කයිලගොඩ වැඩිහිටි නිවාසය ඉදිරිපිට මාර්ගයේ සැකකටයුතු ලෙස හැසිරුණු අනෙක් සැකකරු සෝදිසි කිරීමේදී ඔහු සන්තකයේ තිබූ මත්කුඩු මිලිග්‍රෑම් 2490 ක්ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.

ඒ අනුව අදාළ මත්කුඩු සමඟ මෙම සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ වැඩබලන ස්ථානාධිපති පො.සැ. 22605 කරුණාසුන්දර මහතා ඇතුළු නිලධාරීන් අදාළ වැටලීම සිදුකර තිබේ.



අදහස් (0)

හෙරොයින් සමඟ දෙදෙනෙක් බදුල්ලේදී පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 340 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site