(සුමතිපාල දීයගහගේ)
හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 740 ක් සහ රුපියල් 44010 ක් සමග සැකකාර කාන්තාවක් අහුංගල්ල වැලිකන්දේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය ළග තිබූ රුපියල් 44010 හෙරොයින් ජාවාරම් කිරීමෙන් ගත් මුදල් බවද අනාවරණයවී තිබේ. 39 හැවිරිදි මෙම කාන්තාව කලක සිටම හෙරොයින් ජාවාරම කර ගෙන ගොස් ඇතැයිද පොලිසිය පැවසීය.
පොලිසියට ලැබුණ තොරතුරක් මත දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකාරියගේ නිවස වටලා හෙරොයින් සමග ඇය අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් සමග සැකකාරිය අද (29) බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හෙරොයින් ජාවාරමේ යෙදීසිටි කතක් අල්ලයි