(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම රළපනාව අලිවැට ආසන්නයේ දී හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්‍රබලයකු අද (17) අලුයම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සාලියවැව පොලිස් වසමේ 22 කනුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්‍රබලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු ඔහු ගමන් කරමින් සිටි යතුරුපැදියේ සඟවා තිබු හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් පැකට් 64 ක සකස් කර තිබු බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
වසර කිහිපයක සිට මෙම සැකකරු සාලියවැව ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (17) ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
598
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෙරොයින් ජාවාරම්කරුවෙකු රළපනාවෙන් අත්අඩංගුවට