(ඩී.ජී.සුගතපාල)
හොරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 34ක් සන්තකයේ තබා ගැනිම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකටම වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද (27) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.
මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූයේ අතුරුගිරිය ජයා මාවත පදිංචිකරුවෙකුවන දිලුම් ඉරෝෂණ පණ්ඩිතරත්න නමැති 39 හැවිරිදි විත්තිකරුවෙකුටය.
විත්තිකරු 2010 මැයි 7 වැනි දින මෝටර් රථයකින් කොළඹ සිට හිකක්ඩුව බලා හෙරොයින් ප්‍රහාහනය කරන බවට ලැබුණ තොරතුරක් මත හික්කඩුව පාලම අසළ රැකවල් ලා සිටි හික්කඩුව පොලිසියේ පොලිස් නිලධාරි කණ්ඩායමක් මෝටර් රථය නවතා පරික්ෂා කිරීමේදි විත්තිකරුගේ කලිසමේ සඟවා ගෙන සිටි හෙරොයින් සොයාගෙන ඇත.
විත්තිකරුට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද අත් හිටවු සිර දඩුවම් නියම කොට එම දඩුවම් නියෝග උල්ලංඝණය කර ඇති බවද නඩුවේදි අනාවරණය විය.
රජයේ අධිනීතිඥ පත්මාල් වීරසිංහද සිල්වා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
හෙරොයින් ජාවාරම්කරුවෙක් ජීවිතාන්තය දක්වා හිරේට