(ටී.කේ.ජී.කපිල )
ව්‍යාජ ලෙස දකුණු කොරියානු ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් යූක්‍රේනය වෙත පලා යෑමට තැත් කළ වියට්නාම් ජාතිකයන් පස් දෙනෙකු අද(20) දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම වියට්නාම් ජාතිකයන් පස් දෙනා 30 හැවිරිදි වියේ පසු වන තරුණයන් සිව් දෙනෙකු සහ එක් තරුණියකගෙන් සමන්විත වේ .
ඔවුන් මෙම දකුණු කොරියානු ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉකුත් 18 දින අලුයම 12.40 ට මැලේසියාවේ සිට පැමිණි මලින්දෝ ගුවන් සේවයේ ඕ.බී.- 185 දරන ගුවන් යානයෙන් 60 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු සමග කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඉන් පසුව මෙම පිරිස අද 20 දින දහවල් 11.05 ට යූක්‍රේනය බලා පිටත්ව යන යූක්‍රේන ගුවන් සේවයේ පී.එස්.- 388 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ගුවන් තොටුපළට පැමිණි මොවුන් අදාළ ගුවන් යානය වෙත ඇතුළු වීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඇතුළු වීමේ අවසර පත්‍ර ද ලබා ගෙන ඇති අතර , මෙම පිරිස අතර සිටි එක් වියට්නාම් ජාතිකයෙකු මෙම ගුවන් යානය තුළට ඇතුළු වී අසුන් ගෙන ද තිබේ .
කටුනායක ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලේ පිටත්වීමේ පර්යන්තය වෙත ඒ වනවිට පැමිණ සිටි ඉතිරි වියට්නාම් ජාතිකයන් සිව් දෙනා සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමග අත් අඩංගුවට ගැනීමෙන් පසුව , ගුවන් යානය තුළ අසුන් ගෙන සිටි ඉතිරි ගුවන් මගියා ද යානයෙන් බස්සවා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හොරෙන් යුක්‍රේනයට යාමට ගිය වියට්නාම ජාතිකයින් 5 ක් අත්අඩංගුවට