(සිතුම් චතුරංග)
කිලිනොච්චිය වට්ටකච්චි ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය නිතීවිරෝධී දැව එක්රැස් කරන ස්ථානයක් වටලා දැවකඳන් විශාල ප‍්‍රමාණයක් සමඟ පුද්ගලයකු අද (30) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
කල්මඩු රක්ෂිත ප‍්‍රදේශයෙන් නීතිවිරෝධීව කපන ලද පලූ, කොහොඹ, දඹ ඇතුළු විවිධ වර්ගයේ දැව කඳන් ජාවාරම්කරුවන් විසින් මෙම ස්ථානයට රැගෙන විත් යාපනය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කරන බවද පොලිසිය පැවසීය.
නීති විරෝධී දැව ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු හා දැව තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම කළ ස්ථානයේ තිබී පලූ,කොහොඹ,දඹ දැව කඳන් 32 අධික ප‍්‍රමාණයක් පොලිසිය බාරයට ගැණිනි.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය වට්ටකච්චි ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හොරෙන් දැව කඳන් ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට