IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හොරට තේක්කක ඇද්ද සැකකරුවෙකු අත්අඩංගුවේ

(දයාරත්න ඇඹෝගම)
 
ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව බමුණුත්තුව රක්ෂිතයෙන් බලපත් නොමැතිව  රුපියල් ලක්ෂ තුන හමාරක පමණ තේක්ක දැව කපා ටැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අද (14) දින  උතුරු මැද පාළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නිතිඥ ප්‍රතාප් සඳුන්ගහවත්ත මහතාගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන පළාත් විශේෂ වැටලිම් අංශයේ නිලධාරින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලිම සිදු කොට තිබුණි.
 
පොලිස් ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ මෙම ජාවාරම පිළිබඳ අවස්ථා ගණනාවක් තමන්ට තොරතුරු ලැබී ඇති බවත් එම අවස්ථා කිපයේදීම මුරකාවල් යොදා  තිබුනත් සැකකරුවන් සුක්ෂම අයුරින් මිදි ගිය බවත් අද(14) දින එක් සැකකරුවෙකු ඇතුළු රුපියල් ලක්ෂ තුන හමාරක පමණ තේක්ක දැව සහ ටැක්ටර් රථය අත් අඩංගුවට ගත හැකි වු බවයි.
 
මෙසේ බලපත් නොමැතිව කලක් තිස්සේ බමුණුත්තුව දැව රක්ෂිතයට  හානි කොට හොර රහසේ පටවන  දැව ප්‍රදේශය පුරා දැව මඩුවලට මුදලට අලෙවි කරණ බව තොරතුරු සොයාගත් බවත් මෙම සිද්ධියට ඇතැම් බලධාරින් ගේ සහාය ලැබි ඇති බවත් පොලිසිය පවසයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ පැවැත්වීම සඳහා සැකකරු සහ තේක්ක ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට බාරදී තිබේ.



අදහස් (0)

හොරට තේක්කක ඇද්ද සැකකරුවෙකු අත්අඩංගුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site