(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ඇතුළුවීම තහනම් කර ඇති තණ පිට්ටනි තුළට ඇතුළු වී එහි සැරි සරමින් සිටීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකු හට රුපියල් 20,000 ක දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (30) නියෝග කළේය.
මෙලෙස දඩ නියම වුයේ මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවකුටය.
වනෝද්‍යානයේ ඇතුළත පිහිටි මහජනතාවට ඇතුළුවීමට තහනම් කර ඇති විශේෂිත වූ තණ පිට්ටනියක් මත මෙම සැකකරු නිකරුණේ ඇවිදිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි සහකාර පී.එම්.පී.පනාවලගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ බාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර, වන සත්ත්ව නියාමක උදාර සංකල්ප යන නිලධාරී මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හෝර්ටන්තැන්නේ විශේෂිත තෘණපැගු අයෙක්ට දඩ