(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී දැඩි ආරක්ෂිත ක්ෂීරපායි සතෙකු වන ගෝනෙකු මරා මස් කිරීම, හවුලේ මස් සන්තකයේ තබා ගැනීම, මස් වේළීම සඳහා මැස්සක් තැනීමට හවුලේ පරිසර පද්ධතිය විනාශ කිරීම යන චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුට දඩ ගෙවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.
එක් අයකුට රුපියල් 120,000 බැගින් රුපියල් 360,000 ක දඩයක් ගෙවීමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
එක් චෝදනාවකට රුපියල් 30,000 බැගින් චෝදනා හතරට එක් අයෙකුට රුපියල් 120,000 බැගින් මෙසේ දඩ ගෙවීමට නියම වුයේ බෙලිහුල්ඔය, නන්පෙරියල් වත්තේ පදිංචි ගනේෂන් නාගේස්වරන්, කුමාරවේල් සෙල්වකුමාර හා වේලු සුබ්‍රමණියම් යන අයටය.
එම දඩ මුදල්වලට අමතරව බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි.
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හෝර්ටන්තැන්නේ ගෝනකු මැරූ තුනකට දඩ