IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


හෝර්ටන්තැන්නට ගිනි දැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ

(ශාන්ත චන්ද්‍රසිරි)

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම, හවුලේ පතල්  හැරීම ,  කැළෑව එළි කිරීම සහ ගිනි දැල්වීම යන චෝදනා සඳහා වරද පිළිගත් පුද්ගලයන් පස් දෙනෙකුට රුපියල් ලක්ෂ 10 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.

එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ මුදලක් ගෙවන  ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද්දේ ඉඹුල්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්  පස් දෙනෙකුටය .

මීට අමතරව බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමටද මහේත්‍රාත්වරයා නියෝග කරන ලදී.

එක් චෝදනාවකට රුපියල් 40,000 බැගින් වූ චෝදනාවන් පහක් සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින්  මෙසේ මහේස්ත්‍රාත්වරයා දඩ නියම කරන ලදී.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් අනුව නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වන සත්ත්ව නියාමක එස්. එම්.ඩී. එල්. සමරකෝන්, කේෂ්ත්‍ර සහායකවරුන්වන රංජිත් ලක්මාල්, සම්පත් රවීන්ද්‍ර, කේ. යෝගචන්ද්‍රන් යන නිලධාරී මෙම වැටලීම සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.



අදහස් (1)

හෝර්ටන්තැන්නට ගිනි දැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ

Pradeep Friday, 21 February 2020 06:38 AM

පාරිසරික වශයෙන් ඉතාමත් වටිනා මෙම භුමිය විනාශ කිරීමට තැත් කිරීමේ වරදට මෙම දඩුවම් ප්‍රමාණවත්ද ? පවතින නීති සංශෝධනය කර මෙවැනි වැරදි වලට දැඩි දඩුවම් පැමිණවීමට කාලයයි මේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site