(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේයස් වත්තේ ‘බී’ කොටසේ නිවාස නවයකින් යුතු වතු පේළි නිවසක බිත්ති පුපුරා, ඉරිතලා, ගිලා බැසීම හේතුවෙන් පවුල් 9ක 34දෙනෙකු 26දා සවස (ඊයේ) ඉන් ඉවත්කළ බව කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා පැවසීය.
පිරිමි, කාන්තා සහ දරුවන් මෙලෙස ඉවත් කළ අතර ඔවුන්ට හේයස් දෙමළ විiාලයේ ආරක්‍ෂිත නවත්වා ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය. මේ දිනවල වැසි ඇදහැලුනත් මිලිමීටර් 25ට වැඩියෙන් එම ප්‍රදේශයට වැසි නොලැබූණු බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
එතරම් බෑවුම් නොමැති ස්ථානයක මෙම වතු නිවාස පේලිය පිහිටා ඇත. පොළොවෙ ඉරිතැලීම් අඩි 8ක් 10ක් ගැඹුරට නිරීක්‍ෂණය වන බව කොළොන්න පොලීසිය පවසයි. මෙම වතු නිවාස වසර 100කට වැඩි කාලයකට පෙර ඉදිකළ ඒවා බව වතු පාලනාධිකාරිය පැවසීය.
රත්නපුර ඇඹිලිපිටිය පාරේ මාදම්ප හන්දියෙන් දෙනියාය ඒ 17 පාරේ සූරියකන්ද පසුකර ඉදිරියට යද්දී හේයස්වත්ත හමුවෙයි. ඇඹිලිපිටිය දෙසින් කොළොන්න පාරේ පැමිණෙද්දී කෑල්ල හන්දියෙන් හැරී ඉදිරියට යද්දී හමුවන වළකට හන්දියෙන් කිලෝමීටර් දෙකහමාරක් පමණක් යද්දී හේයස්වත්තේ බී කොටස හමුවෙයි.
ඉවත්කළ පවුල් සඳහා වියළි ආහාර ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරයා පියවර ගත්තේය. ගොඩනැගිලි හා පර්යේෂණායතනයේ නිලධාරින්ට දන්වා ඇති බවත් ඔවුන් පැමිණ ලබාදෙන නිර්දේශ මත ඉදිරි පියවර ගන්නා බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හේයස් වත්තේ වතු නිවාසවල ගිලා බැසීම් හේතුවෙන් 34 දෙනෙකු ඉවත්කරයි
චමින්ද Wednesday, 01 May 2019 12:31 AM
1969 වසරේ දෙසැම්බර් මාසයේ ඔය කියන ප්‍රදේශයේ නාය යාමෙන් විශාල පිරිසක් මියගිය අතර එම නාය යාමෙන් ගලාගිය පස් කොලොන්න කඩමංඩිය දක්වාම පැමිණියා.