( මොහොමඩ් ආසික්)
මහනුවර හුන්නස්ගිරිය හෙයාපාර්ක් වත්තේ කම්කරුවන් මසකට දින 25 ක වැඩ ඉල්ලා ගෙන ගිය සටන අද (23 වැනිදා) ජයග්‍රහණයෙන් අවසන් විය. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම මහතා සමඟ ලංකා රතු කොඩි සංගමය සහ කම්කරු නියෝජිතයින් ඇතුළු නියෝජිතයින් සමඟ අද 23 වනදා පැවැති සාකච්ඡාවකදී හෙයාපාර්ක් වත්තේ කම්කරුවන්ට මසකට දින 25 ක් වැඩ ලබා දීමට සභාපතිවරයා එකඟ විය.
මහනුවර පන්විල පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ප්‍රාදේශිිය කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැති මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම මහතා මෙසේ කිය.
“මෙම සාකච්ඡාවේදී අපි තිරණය කළා හෙයාපාර්ක් කම්කරුවන්ට මසකට දින 20-25 ත් අතර වැඩ ලබා දෙන්න. වතු කම්කරුවන් කියන්නේ මේ රටේ ආර්ථිකයට සෘජුවම දායකත්වය සපයා දෙන පිරිසක් ඔවුන්ගේ මේ වගේ සාධාරණ ඉල්ලීම් ඉටු කර දීය යුතුයි. මසකට දින 5- 10 ක් වැඩ කරලා කොහොමද ඔවුන් තම දරු පවුල් නඩත්තු කරන්නේ. අපි ඒ ගැන හිතා බලන්න ඕන“ යයි මහානාම මහතා කීවේය.
රජයේ වතු පෞද්ගලිකරණය කිරීමක් සිදු වන්නේ නෑ. හෙයාපාර්ක් වත්තේ අක්කර 1900 ක් තියෙනවා. එයින් තේ වගා කරලා තියෙන්නේ අක්කර 800 ක පමණයි ඉතිරි අක්කර 1100 ම මුඩු බිම් මේ මුඩු බිම් පුද්ගලික අංශ එක්ක එකතු වෙලා සංවර්ධනය කරන්නයි අගමැතිතුමා උපදෙස් දීලා තියෙන්නේ. හෙයාපාර්ක් වත්තේ කම්කරුවන්ට දින 25 ක වැඩ එම වත්තේම ලබා දීමට නොහැකි වුවහොත්වෙනත් වතුවලින් හෝ ඒ අවස්ථාව ලබා දීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හෙයාපාර්ක් වත්තේ කම්කරුවෝ සටන දිනති