උපුල් තම්මිට
ගලෙන්බිදුනුවැව අධ්‍යාපන කලාපයේ කීර්තිමත් පාසැලක්වන හිඹුටුගොල්ලෑව විදුහලේ භෞතික පහසුකම් සපුරාලමින් ඉදිවූ නව පාසැල් ගොඩනැගිල්ල අද(17) සිසු අයිතියට පත්කෙරිණි.
පසුගිය වසරේ ඔක්තෝබර් මස (17) වැනිදින මෙම පාසැලේ පංතිකාමර හතක් පොල්අතුමඩුවක පවත්වාගෙන යන අයුරු ලංකාදීප අන්තර්ජාල සංස්කරණ පුවතක් මගින් හෙළිකිරීමත් සමගම ඩුබායි හි ප්‍රමාන සමීක්ෂකයකු ලෙස වසර 15 කට අධික කාලයක් සේවය කරන රුචිර කුලතිලක මහතා හිඹුටුගොල්ලෑව විදුහලට අංගසම්පූර්ණ පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර දීමට කැමැත්ත පළකලේය.
ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මස (27) වැනිදින නව ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම රුචිර කුලතිලක මහතාගේ සමීපතම හිතවතකු වන අගනුවර පදිංචි මහේෂ් පෙරේරා මහතා අතින් සිදුවූ අතර මාස දෙකහමාරක් වැනි සුළු කාලයක් තුල අඩි 80 දිගින් හා අඩි 20 පළලින් වේදිකාවක් සහිත නව ගොඩනැගිල්ල ඉදිකර අද සිසු අයිතියට පත්කෙරිණි.
ඒ නිමිත්තෙන් අද හිඹුටුගොල්ලෑව විදුහලේදී උත්සවයක් පැවැත්වුනු අතර එහදී අදහස් දැක්වූ රුචිර කුලතිලක මහතා පවසා සිටියේ විදේශගතව සිටින තමන් ඇතුලු තම හිතමිතුරන් නිරන්තරවම තම මව්බිමේ තොරතුරු දැනගැනීම සදහා ලංකාදීප අන්තර්ජාල සංස්කරණ හා බැදී සිටින බවත් ජාතික වගකීමක් ඉටුකිරීමට උරදෙමින් මෙම පුවත පළකිරීම සම්බන්ධයෙන් ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට විශේෂ ස්තූතියක් හිමිවන බවත් සදහන් කර සිටියේය.
නව ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා රුපියල් මිලියන තුනකට ආසන්න පමණ වැයවී ඇති අතර ඒ සදහා ඩුබායි හි සේවය කරන රුචිර කුලතිලක මහතාගේ හිතවතුන් රැසකගේ ද සහාය හිමිව තිබේ.
නව පාසැල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට ගලෙන්බිදුනුවැව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුරංජි අංමුදුවගේ විදුහල්පතිනී සන්ධ්‍යා කුමාරසිංහ මහත්මියන් ඇතුලු අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නිළධාරීන් රැසක් සමග හිඹුටුගොල්ලෑව ගම්වාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.



2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හිඹුටුගොල්ලෑව විදුහලට නව ගොඩනැගිල්ලක්
Ruchira Sunday, 19 January 2020 10:52 AM
දැනට මාස 3කට කලින් මේ දුවා දරුවන් සිටියේ පොල් අතු මඩුවකය. අද ඔවුන්ට ඔවුන්ගේ සිහිනය සැබෑවී ඇත.
Nirmala Rukshan Wednesday, 15 April 2020 04:05 AM
මං 1-11දක්වා අධ්‍යාපන ලැබූ පාසලයි. මා පාසල් යන කාලයේ තිබුනේ 1 ගෙඩනැගිල්ලක් සහ පොල් අතු වලින් සෑදූ තාවකාලික මඩුවකි. රුචිර මහත්තයාට පිං සිද්ධ වෙන්න අද පාසල ඉතාම ලස්සනයි වගේම ගොඩක් දියුණුයි.