ක්‍රිකට් රගර් වැනි ක්‍රිඩාවන්ට රජයෙන් අනුග්‍රහය දක්වනවා සේම කඳු නැගිමේ ක්‍රිඩාව නැංවිම සඳහාද අත දිම අවශ්‍ය බව හිමාලය තරණය කළ ලංකාවේ ප්‍රථම කාන්තාව වන ජයන්ති කුරුඋතුම්පාල මහත්මිය පැවසුවාය.
ඇය කාන්තා අයිතිවාසිකම් හා ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය පිළිබඳ විශේෂඥවරියක් වන අතර ශ්‍රි ලංකාවේ නොයෙක් පළාත් වල පාසල් හා විශ්ව විද්‍යාලවල කඳු නැගීමේ ක්‍රිඩාව සම්බන්ධව සිසුන් දැනුවත් කිරිමේ කටයුතු වල යෙදි සිටින්නීය.
‘තමා හටද හිමාලය තරණය කිරිමට සැරසෙන විටදි නොයෙක් පිරිස් විසින් ගැහැණුන් කොහොමද කඳු නගින්නෙ පිස්සු වැඩ ආදී වශයෙන් නොයෙක් කතා කිවත් තමාගේ ආත්ම ශක්තිය ඇත්නම් කාන්තාවන්ටද කිරීමට නොහැකි දෙයක් නැතැයි ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වුවා‘ යැයි ඇය පැවැසුවාය.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් කන්ඩායම හිමාල ගවේශනය සදහා ඉදිරිපත් වීම හා එහි කාන්තා නියෝජනයක් තිබීම ගැන ආඩම්බර බවත් එය කඳු නැගීමේ ක්‍රිඩාව කෙරෙහි උනන්දුවක් දක්වන තවත් කාන්තාවන්ට ආදර්ශයක් බවත් හිමාල ගවේෂණය සඳහා ඉදිරිපත් වි ඇති පේරාදෙණි විශ්ව විද්‍යාලය කණ්ඩායමට තමාගේ උණුසුම් සුබ පැතුම් එක්කරන බවද ඇය පැවැසුවාය.
මේ අතර හිමාල ගවේෂණය සදහා දිවයිනෙන් පිටත් වු පේරාදෙණි විශ්ව විද්‍යාල කණ්ඩායම අද (26) නේපාලයේ ශ්‍රි ලංකා තානාපතිනි ස්වර්ණලතා පෙරේරා හට සමරු තිළිණයක් ද පිරිනැමිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හිමාල තරණයට ජයන්තිගෙන් සුබ පැතුම්