(දිලීප් ජයසේකර)
හම්බන්තොට ධීවර වරායේ හෙරොයින් මත් කුඩු අලෙවි කිරීමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 935ක් සමඟ තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට සමගිපුර පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු හා හම්බන්තොට කෝවිල්වත්ත පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
හම්බන්තොට ධීවරවරාය තුළ සිට පුද්ගලයෙකු හෙරොයින් මත් කුඩු අලෙවි කරන බවට කොට්ඨාස අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 485 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලට අනුව හම්බන්තොට සමගිපුර පදිංචි පුද්ගලයෙකුද හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 450ක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනා කලයක සිට හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු යන ධීවරයන් සඳහා හෙරොයින් මත් කුඩු අලෙවි කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ෂණ සඳහා හම්බන්තොට පොලිසියට බාර දි ඇති අතර සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හම්බන්තොට ධීවර වරායේ මත්කුඩු විකුණූ 2 ක් අත්අඩංගුවට