IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


හම්බන්තොට අතුරු වෛද්‍ය සේවා වර්ජනයෙන් රෝගීන් පීඩාවට

 (සනත් ගමගේ)
 
හම්බන්තොට මහ රෝහලේ අතුරු වෛද්‍ය සේවයේ නියැළී සිටින සියලු නිලධාරීන් අද(24) ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රෝහලේ දෛනික සේවා කටයුතු අඩාලවී ඇතැයිද, මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටින ප්‍රදේශවාසීන් අපහසුතාවට පත්ව ඇතැයිද රෝගීහු පවසති.
 
බාහිර රොගී අංශයේ  ඖෂධ නිකුත්  කිරීම, රෝගීන්ගේ රුධිර පටල පරීක්ෂාව, එක්ස් කිරණ පරීක්ෂාව ඇතුළු අතුරු වෛද්‍ය සේවාවට අයත් සියලු කාර්යන් නැවතී ඇතැයිද ඔවුහු කියති.
 
හම්බන්තොට නව මහ රෝහලේ අතුරු වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් ප්‍රධාන ඖෂධවේදියාට වෙන්කර  තිබූ නේවාසිකාගාරය බලහත්කාරයෙන් හෙදහෙදියන් අයත්කරගැනීම සම්බන්ධයෙන්, පොලිසිය  නීතිය ක්‍රියාත්මක නොකළැයි විරෝධය පළකරමින් වැඩවර්ජනය සිදුකරන බව අතුරු වෛද්‍ය සේවාවේ නිලධාරීහු පවසති.
 
හම්බන්තොට ‍නව මහ රෝහල නිල වශයෙන් විවෘත කර මාස හතරක් පමණ ගත වුවත් හෙද හෙදියන්ගේ සහ අතුරු වෛද්‍ය සේවාවේ යෙදී සිටින නිලධාරීන්ගේ නේවාසික ගැටලු හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ගත නොහැකිවී ඇති අතර, වර්ජන හේතුවෙන් හම්බන්තොට පැරණි රෝහලට ද පැමිණෙන රෝගීන්ට සත්කාර නිසි ලෙස සිදු නොවන බවද ඔවුහු කියති.
 
හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතා කියාසිටියේ අතුරු වෛද්‍ය සේවාවේ යෙදෙන නිලධාරීන් හා රෝහලේ හෙද හෙදියන් අතර ඇතිව තිබෙන නේවාසික ප්‍රශ්නයට දෙපාර්ශවයේම නම්‍යශීලි භාවයක් නොමැති හෙයින් මෙම ප්‍රශ්නය විසඳීම අසිරු කරුණක් වී ඇති බවයි.

ප්‍රධාන ඖෂධවේදියාට වෙන්කර තිබූ නේවාසිකාගාරයට හෙදහෙදියන් බලහත් කාරයෙන් ඇතුළු වී තවදුරටත් එහි සිටීම හා අතුරු  වෛද්‍ය සේවාවේ යෙදෙන අය සඳහා එම නේවාසිකාගාරය යළි ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සම්බන්ධයෙන් දෙපාර්ශවයම කරුණු ඉදිරිපත් කළ බවද, ප්‍රශ්නය තවදුරටත් දිග්ගැස්සෙමින් පවතින බවද වෛද්‍ය අධිකාරිවරයා කීය.

නව රෝහලේ වැඩ ආරම්භ කිරීමට වෛද්‍යවරුන් හා හෙදහෙදියන් කැමැත්ත පළ කර ඇති නමුත්, අතුරු වෛද්‍ය සේවාවේ යෙදෙන පිරිස අකමැතිවීම  ගැටලුවක් වී ඇති බව වෛද්‍ය අධිකාරීවරයා කීය.           



අදහස් (0)

හම්බන්තොට අතුරු වෛද්‍ය සේවා වර්ජනයෙන් රෝගීන් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32090 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11251 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 41 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 306 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1253 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site