(ඞී.කේ.රත්න )
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දෙන නිවාස ආධාරයක් සහ ශිෂ්‍යත්වයක් ලබා දෙන බව පවසමින් තණමල්විල හම්බෙගමුව අලූත්වැව පාර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් 5,000 අල්ලසක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකුත් සමඟ අද (5) අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.
තණමල්විල පදිංචි වයස අවුරුදු 27 ක් සහ වයස අවුරුදු 31 පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බව පවසා හම්බෙගමුව අලූත්වැව පාර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හට නිවාස ආධාරයක් හා ඔහුගේ දියණියට ශිෂ්‍යත්වයක් ලබාදීමට නම් රුපියල් පන්දහසක මුදලක් ලබා දෙන ලෙස දුරකතනයෙන් දැනුම්දී එම මුදල රැගෙනයාමට පැමිණි අවස්ථාවේදී ඔවුන් පැමිණි යතුරුපැදියත් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හම්බේගමුවේදී අල්ලසක් ගන්න ගිය දෙන්නෙක් අත්අඩංගුවට