(සිතුම් චතුරංග)
කිලිනොච්චිය, පුනරීන්, අරසපුරකුලම් වැවේ දිය නෑමට ගොස් රොන් මඩ සහිත දිය වළක එරී දියේ ගිලෙමින් සිටි කාන්තාවක හා ඇගේ දරුවන් දෙදෙනා බේරාගැනීමට කිලිනොච්චිය යුද හමුදා සෙබළු දෙදෙනක් සමත්වූහ.
කිලිනොච්චිය, පුනරීන්, හතර කණුව ප්‍රදේශයේ පදිංචි ඩී.තෙරුනාල් ඇලෝසියස් නමැත්තා සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ වැවේ දිය නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේ බිරිඳ හා දරුවන් දෙදෙනෙකු මඩේ එරී දියේ ගිලී ඇති බව කිලිනොච්චි යුද හමුදාව පවසයි.
සෙබළු දෙදෙනා තම ජීවිතය පරදුවට තබා කාන්තාව සහ ඇගේ දරුවන් නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්වූහ.
එලෙස දියේ ගිලෙමින් සිටියදී බේරාගනු ලැබුවේ ඇලෝසියස් ජයන්තිමාලා (44) මව සහ එම පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වු ඇලෝසියස් අම්බරාසා (14) , දෙවැනි පිරිමි දරුවා වු ඇලෝසියස් අනුස්තන් (12) යන දරුවන් දෙදෙනාය.
වැවට බසින ලද දරුවෙකු රොන්මඩ සහිත වළෙහි පළමුවෙන් ගිලී ඇති අතර, එම දරුවා බේරා ගැනීමට මව හා තවත් දරුවෙකු වළට බැස ඇති බවත් එහිදි එම තිදෙනාම මඩ වළෙහි එරී ඇති බවත් පැවසේ.




2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හමුදා සෙබළු දෙදෙනෙක් දියේ ගිලුණු තිදෙනෙකු බේරාගනිති
Raveendra Sunday, 08 September 2019 11:02 AM
රණවිරුවන් වන ඔබලා විසින් තම ජිවිත ගැන නොතකා කළ මෙම සත් ක්‍රියාව පිලිබදව අප ස්තුතිවන්ත වන්නෙමු. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා !!!