(කේ බුද්ධික කුමාරසිරි , පි‍්‍රයන්ත ජයලත් සහ ජයසේන හත්වැල්ල)
හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවැති අද (15) දින සභා වාරය පැවැත්වෙන අතරතුර එම සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම කළු පැහැති ඇදුම් පැළඳ විරෝධතා පුවරු ද රැගෙන සභා රැස්වීමට පැවැති පරිශ‍්‍රයට ඇතුළු වීමත් සමඟ ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන පොදුජන පෙරමුණේ මන්ති‍්‍රවරු විරෝධතාකරුවන්ට තණකොල ලබා දෙමින් කෑකෝ ගසමින් විරෝධය පල කිරීම නිසාවෙන් දැඩි උණුසුම් තත්වයක් ඇති විය
ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ඊනියා ඇමති මණ්ඩලයක් පත් කර රට අස්ථාවර තත්වයට පත් කර ඇතැයි පවසමින් හෝමාගම ප‍්‍රාදේශිය සභාව නියෝජනය කරනු ලබන ප‍්‍රතිපක්ෂ නායක රංග අබේසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ මන්ති‍්‍ර කණ්ඩායම හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල සිට විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් හෝමාගම ප‍්‍රාදේශීය සභා පරිශ‍්‍රයට පැමිණ විරෝධතා දැක්වීමත් සමග මෙම උණුසුම් තත්වය ඇති විය
මෙම උණුසුම් තත්වය නිසාවෙන් හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ කටයුතු විනාඩි 30 කට ආසන්න කාළයක් නතර කිරීමට ද සභාපති සම්පත් ජයසිංහ මහතා කටයුතු කළේය.
මෙහිදි හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍රවරු විරෝධතා පළ කලද එම සභාව නියෝජනය කරනු ලබන ජනතා විමුක්ති පෙරමුනේ මන්ති‍්‍ර කණ්ඩායම නිහඬව පසෙකට වී බලා සිටිනු දක්නට ලැබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හෝමාගම ප්‍රාදේශීය සභාවත් ඇවිළෙයි