IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හෝමාගම අනතුරකින් අයෙක් මරුට - 5ක් රෝහලේ


 
කේ බුද්ධික කුමාරසිරි 
 
හෝමාගම නියඳගල - මාකඹුර මාර්ගයේ 15 වැනි පටුමඟ ආසන්නයේ දී මාර්ගයේ ගමන් කරමින් තිබූ ති‍්‍රරෝද රථයක් මාර්ගයෙන් ඉවත තාප්පයක ගැටීමෙන්  සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.


අනතුරට ලක් වූ තී‍්‍ර රෝද රථයේ පුද්ගලයින් හය දෙනෙකු ගමන් කර ඇති අතර මාර්ගයේ පල්ලමක් තිබූ ස්ථානයක දී තී‍්‍ර රෝද රථ රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමන් මෙම අනතුර සිදුව තිබේ.


මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ කොළඹ වරායේ කම්කරුවෙකු ලෙස සේවය කළ බලංගොඩ වැලිපත කළුපේඩිගම පදිංචිව සිටි මහකදුරුව අප්පුහාමිලාගේ මහින්ද වනිගසේකර නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.



අදහස් (0)

හෝමාගම අනතුරකින් අයෙක් මරුට - 5ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site