(සුමතිපාල දීයගහගේ )
කොරෝනා වයිරසය පාලනය කිරිමට රජය ප්‍රමාදවු බවට හබරාදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු කරන ලද ප්‍රකාශයක් නිසා අද (26) පැවති හබරාදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්විම දැඩි උණුසුම් තත්වයකට පත්විය.
ගුවන් තොටුපොල වසා දැමීමට ප්‍රමාදවීම නිසා රටපුරා කොරෝනා වසංගතය පැතිර ගිය බවට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන රෝහන ප්‍රියන්ත
මහතා මාසික රැස්වීමේදී ප්‍රකාශ කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ප්‍රථමයෙන් චෝදනා කළේය.
එමෙන්ම ප්‍රමාදවී හෝ ගුවන් තොටුපොල වසා දමා කොරෝනා වසංගතය පාලනය කිරිමට කටයුතු කිරිම පිළිබද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ත්‍රිවිධ හමුදාවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුලු සියලු දෙනාට ස්තුති කරන බවද රෝහන ප්‍රියන්ත මහතා පැවසිය.
ඉන් අනතුරුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි අමිල නානායක්කාර (පොදුජන පෙරමුණ )මහතා කතා කරමින් රෝහන ප්‍රියන්ත මහතාගේ ප්‍රකාශය හෙලා දකින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු ත්‍රිවිධ හමුදා නිලධාරින් සෞඛ්‍ය අංශ කරන ලද කැපවීම නිසා කොරෝනා වෛරසය පාලනය කිරිමට හැකිවී ඇති බවද කීය. එමෙන්ම රෝහන ප්‍රියන්ත මහතා කරන ලද්දේ දේශද්‍රෝහි කුහක ප්‍රකාශයක් බවත් කියමින් අමිල මහතා දිගින් දිගටම කතා කරමින් සිටින විට
අමිල නානායක්කාර මහතාගේ කතාවට රෝහන ප්‍රියන්ත මන්ත්‍රීවරයා දිගින් දිගටම බාධාකළේය.
ඒ සමගම සභාවේ පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් වැඩි පිරිසක් නැගී සිට කෑකෝ ගසමින් රෝහන ප්‍රියන්ත මහතාට විරෝධය පල කරන්නට විය.
එම අවස්ථාවේ මුලු සභාවම දැඩි උණුසුම් තත්වයකට පත්විය.රෝහන ප්‍රියන්ත මහතාගේ ප්‍රකාශයට විරෝධය පල කරමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකුවන ජී එච් අමිල මහතා මේසවලට අතින් පහර දෙමින් කලබලකාරී ලෙස හැසිරෙමින් සභාවෙන් පිටට යෑමට උත්සාහ කළේය.
එහෙත් සෙසු මන්ත්‍රිවරුන් ඒ මහතාගේ ගමන වලකා සභාව තුලම රදවා ගැනිමට පියවර ගත්හ.
පසුව සභාපති බන්දුපාල අබේකෝන් මහතා මැදිහත්වී මන්ත්‍රීවරුන් සන්සුන් කොට නැවත සභාවේ කටයුතු ආරම්භ කළේය.

2025 නොවැම්බර් මස 04
781
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හබරාදූව ප්‍රා .ස. උණුසුම් වෙයි