(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
පලුගස්වැව හොරිවිල වැවේ සිටින කිඹුලන් අල්ලා ඝාතනයකොට අමුවෙන් මස් හා වියලා මස් අලෙවි කිරීමේ කාලයක පටන් සිදුකරගෙන ගිය ජාවාරමක් හබරණ පොලිසියේ "මයිලෝ" නැමැති නිල සුනඛයා විසින් සොයාගත් බව පොලිසිය කියයි.
පලුගස්වැව හොරිවිල ගමේ මෙම ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු සහ වේලන ලද කිඹුල් මස් තොගයක් සහ අමුවෙන් අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ කිඹුල් මස් තොගයක් සමග සැකපිට ඊයේ 22 රාත්‍රියේ හබරණ පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හබරණ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත රත්නපාල මහතාට ගේ උපදෙස් පරිදි හබරන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. පී .එස්. ජයලත් මහතාට ලැබුණු තොරතුරක් මත පොලිසියේ පාලන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. බී.එස් . රත්නායක මහතා හා දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් හබරණ පොලිසියේ නිල සුනඛ මයිලෝ සමග ඉතා සූක්ෂම ලෙස මෙම කිඹුල් මස් ජාවාරම සිදුකරගෙන යන පුද්ගලයන් පිළිබඳව වැටලීමක් සිදු කොට තිබේ.
ඒ අනුව පලුගස්වැව හොරිවිල ගම්මානේ නිවසක අලෙවිය සඳහා සූදානම් කර තිබූ කිඹුල් මස් තොගයක් මෙන්ම වියලන ලද අලෙවි කිරීමට සූදානම් කර තිබූ කිඹුල් මස් තොගයක් අල්ලා දීමට මයිලෝ නිල සුනඛයාට හැකිවී තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ තමන් හොරිවිල වැවේ සිටින කිඹුලන් මරා අමු මස් සහ කිඹුලන් මස් වෙලා අලෙවි කිරීම සිදු කරන බව ය.වෙනත් පුද්ගලයන්ගෙන්ද මරණ ලද කිබුල්ලන්ගේ මස් ගෙන්වා ගන්නාබවය . බොහෝ දෙනෙකු කිඹුල් මස් ආහාරයට ගැනීම සඳහා ගීජුව සිටින බවත් මස් කිලෝවක් රුපියල් 1500 ක මිලයකට අලවි කරන බව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී තිබේ.




2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හබරණ ’’මයිලෝ’’ කිඹුල් මස් ජාවාරම් අල්ලයි