(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව-හබරණ ප‍්‍රධාන මාර්ගයේ හබරණ දේවාලේ කඩේට ආසන්නයේදී අද (23) අලූයම 2.50 ට පමණ ලංගම බස් රියක් සහ වෑන් රියක් ගැටීම නිසා සිදුවූ අනතුරකින් වෑන් රියේ ගමන් ගත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
තුවාලකරුවන් සියලු දෙනා ප‍්‍රතිකාර සදහා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
ඔවුන් අතර කාන්තාවන් 04 දෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
කොළඹ මෝදර සහ පන්නිපිටිය යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන් වන මොවුන් සේමාවතිය පුදබිම වෙත වන්දනාවේ පැමිණෙමින් සිටියදී මේ අනතුර සිදුවී තිබේ.
බස්රථයේ රිදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මින්නේරිය පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හබරණදී සිදු වූ රිය අනතුරකින් 7 ක් රෝහලේ