කේ බුද්ධික කුමාරසිරි
කොට්ටාව අතුරුගිරිය පාර රුක්මලේ ප්‍රදේශයේ අධිවේගී මාර්ග ගුවන් පාලම අසලදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා වෙඩි හුවමාරුවකදී වෙඩි ප‍්‍රහාරයකින් මියගිය පාතාල සාමාජිකයින් පිළිබඳ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (27) හෝමාගම වැඩබලන මහේස්ත‍්‍රාත් උපතිස්ස මඩපාත මහතා විසින් සිදු කරන ලදී.
පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් කොට්ටාව අතුරුගිරිය පාර රුක්මලේ අධිවේගී මාර්ග ගුවන් පාලම අසල සැරිසරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව එහි විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානය වටලා සැකකරුවන් සෝදිසි කිරීමකට සැරසුණු අවස්ථාවේදී එම සැකකරුවන් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලා යාමට උත්සහ දරා ඇත.
එහිදී විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සිදු කළ ප‍්‍රති ප‍්‍රහාරයේ දී එම පාතාල සාමාජිකයින් පපු ප‍්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් පසුව එම නිළධාරීන් විසින්ම සැකකරුවන් හෝමාගම මූලික රෝහලට රැගෙන යාමෙන් පසුව මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ අබේසිංහ ආරච්චිගේ වසන්ත කුමාර පෙරේරා හෙවත් ‘‘හබරකඩ වසන්ත’’ නමැති 43 හැවිරිදි අයෙක් හා මඩපාත කම්කානම්ලාගේ සමන්ත උපුල් කුමාර හෙවත් ‘‘මීගොඩ උපුල්’’ නැමැති 46 හැවිරිදි පාතාල සාමාජිකයින් දෙදෙනා බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හබරකඩ වසන්ත - මීගොඩ උපුල්ගේ’ මරණ ගැන මහෙස්ත්‍රාත් පරීක්‍ෂණ අද