IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


හපුතලේ හෝටල් 3කට-වෙළඳසැල් 2කට නඩු

(පාලිත නානායක්කාර)

හපුතලේ නගරයේ අපිරිසිදුව පවත්වාගෙන ගිය හෝටල් තුනකට හා ලේබල් රෙගුලාසි උල්ලංඝනය කළ සිල්ලර වෙළඳසැල් දෙකකට අද ( 27) කළ සෝදිසි මෙහෙයුමකින් පසුව නඩු පැවරූ බව හපුතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය පැවසීය.

හපුතලේ නගරයේ හෝටල් හා සිල්ලර වෙළඳසැල් 38ක්  පරීක්ෂා කළ බවත් එහිදී වෙළඳසැල් හා හෝටල්  පවිත්‍රව හා නියමිත ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත්  හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කීය.

නිවැරදි කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී තිබුණද එය නිවැරදි කර නොගත් හෝටල් තුනකට සහ සිල්ලර  වෙළඳසැල්  දෙකකට මෙසේ නඩු   පවරා තිබේ.

පෙබරවාරි 11 දින ඔවුන්  බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් උසාවිය  හමුවේ පෙනී සිටීමට නියමිතය.

හපුතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ. ජී.  පතිරණ හපුතලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන එස්  සුදර්ශන්, රෝයි විජේසූරිය,  පුබුදු කරුණාරත්න යන මහත්වරු මෙම වැටලීම කළහ.



අදහස් (0)

හපුතලේ හෝටල් 3කට-වෙළඳසැල් 2කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 136 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 84 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1671 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site