( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
සැකකටයුතු අන්දමින් මියගිය බව කියන දෙදරු පියෙකුගේ නරක්වූ මළ සිරුර පල්ලෙවෙල පොලිසිය ආසන්නයේ කුලී නිවසක නාන කාමරය අසල තිබියදී අද( 25) දහවල් සොයා ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ අබිරහස් ලෙස මියගොස් ඇත්තේ පල්ලෙවෙල මිහිදුපුර පාරේ කුලී නිවසක හුදකලාව කල් ගෙවා ඇති කිංස්ලි පෙරේරා සෙනෙවිරත්න 70 නැමැත්තෙක් බවට අදුනාගෙන ඇත.
මියගිය අය රජයේ කාර්යාල අසල රැදී සිටිමින් විවිධ අවශ්‍යතා සදහා එන පිරිස් වෙත අවශ්‍ය සහාය ලබාදී ලැබෙන මුදලකින් දිවි ගැට ගසා ගත් අයෙක් බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.
බිරියගේ වියෝවෙන් පසු මෙම අය කුලී නිවසේ හුදකලාව කල් ගත කර ඇති අතර දින කිහිපයකින් ඔහු දක්නට නොලැබුනු නිසා නිවස අයිතිකරුවන් දුරකතන ඇමතුමක් දී ඇතත් එයටද ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද (25) නිවසට පැමිණ කළ සෝදිසියේදී දුගදක් හමන බව දැන ගන්නට ලැබීමෙන් පසු පොලිසියට දැනුම්දී ඇත.
අත්තනගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හුදෙකළා වූ දෙදරු පියාගේ මළ සිරුර කුළී නිවසේ