හෙට සිට වියළි කාලගුණික තත්ත්වයක් පැවතීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘කෙසේ වෙතත්, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ‘.
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘.
‘දිවයිනේ මඩකලපුව සිට පොතුවිල්, හම්බන්තොට සහ ගාල්ල හරහා කොළඹ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති වේ‘.
‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් . 30-40 ත් අතර වේ‘
‘කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං විටෙක පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකියි.
2015පෙබරවාරි මස 13 වැනි දින දහවල් 12.00 ට නිකුත් කැරිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘හෙට සිට වර්ෂාව අඩුවෙයි‘