(බී.ජී. අමරසිංහ සහ ඞී.ජේ. විජේසිංහ)
ඌරගස්මංහන්දිය හල්ගහවේල්ල ප‍්‍රදේශයේදී අද (22) යුද හමුදා මේජර් වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු යුද හමුදා නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඌරගස්මංහන්දිය පොලිසියට බාර දුන් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ශී‍්‍ර ලංකා ගැමුණු හේවා බල ඇණියේ සාමාන්‍ය සෙබළෙකු බවත් මේ වන විට ඔහු යුද හමුදා සේවය අතහැර ගොස් සිටින අයෙකු බවත් පොලිසිය කියයි.
මෙම පුද්ගලයා යුද හමුදා මේජර් නිල ඇඳුමින් සැරසී ප‍්‍රදේශයේ විහාරස්ථානයක පිංකමකටද සහභාගී වී ඇති අතර මේජර් නිල ඇඳුමින් ගමේ තැනින් තැන ඇවිද යාම පිළිබඳව සැක සිතුනු ප‍්‍රදේශවාසියෙකුගේ දැනුම් දීමකට අනුව යුද හමුදා නිලධාරීන් පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මේජර් නිල ලාංඡන කඩයකින් මිලදී ගත් ඒවා බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු සාමාන්‍ය සෙබළෙකු මේජර්ට ඇඳලා මාට්ටු