IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


හිටපු විනිසුරු සහ නීතීඥයකු වෙනුවෙන් නව නිවාස

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වූ ගුණේන්ද්‍ර මුනසිංහ සහ දෘශ්‍යාබාධිත නීතීඥ ගාමිණී බාලසූරිය යන මහත්වරු වෙනුවෙන් නිවාස පරිත්‍යාග කිරීමේ අවස්ථාවක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 12 මිහිඳු මාවතේ පිහිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් මුලස්ථාන ශ්‍රවණාගාරයේදී අද පැවැත්විණි.
 
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ  සහ ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ ඉල්ලීම පරිදි මෙම නිවාස පිරිනැමුණු අතර එහිදී අමාත්‍යවරයා විසින් අභාවප්‍රාප්ත මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුනසිංහ මහතාගේ බිරිඳට සහ දරු දෙදෙනාට සහ කොටුව අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු  දෘශ්‍යාබාධිත නීතීඥ ගාමිණී බාලසූරිය මහතාට මොරටුව අඟුලාන ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් නව නිවසක හිමිකාරිත්වය සංකේතාත්මක ලෙස දෙනු ලැබීය. 
 
මේ අවස්ථාවට  නීතිපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ  සභාපති  යු.ආර්. ද සිල්වා සහ ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති රංග දිසානායක යන මහත්වරු ද අධිකරණ විනිසුරු සහ නීතීඥවරු රැසක් ද සහභාගී වුහ.



අදහස් (0)

හිටපු විනිසුරු සහ නීතීඥයකු වෙනුවෙන් නව නිවාස

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31600 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13962 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11087 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site