IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හිටපු මන්ත්‍රී ගමන් කළ රියේ ගැටුණු යතුරුපැදිකරුට බරපතලයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පොදුජන පෙරමුණ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් ප්‍රියන්ත මහතා ගමන් කරමින් සිටි ජීප් රථයේ ගැටි යතුරු පැදිකරුවකු බරපතල තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

ආණමඩුව හලාවත මාර්ගයේ උප්පලවත්ත සුසාන භුමිය ආසන්නයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු හිටපු මන්ත්‍රිවරයාගේ ජීප් රථයේ ගැටි එක් අයකු බරපතල තුවාල ලබා සිටි බව කියයි.

මෙම අනතුරින් යතුරුපැදිය පැදවු 38 හැවිරිදි අවිවාහකයකු බරපතල තුවාල ලබා තිබිණි.

තුවාලකරු ආණමඩුව රෝහලට ඇතුලත් කිරිමේන් පසුව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබු බවත් කියයි.

පුත්තලම රෝහලේ සිටි තුවාලකරුගේ තත්වය බරපතල විමෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

අනතුර ආණමඩුව පොලිස් වසම තුළ සිදුව තිබුණද මන්ත්‍රිවරයා ගමන් ගත් ජිප් රථය අනතුරින් පසුව හලාවත දෙසට නොනවත්වා ධාවනය කරමින් තිබියදි ජීප් රථය කාර්මික දෝෂයකට ලක්වි පල්ලම පොලිසියට පැමිණ ඇති බව කියයි.

කෙසේ වෙතත් අනතුරින් බරපතල තුවාල සිදුව සිටි තැනැත්තා ගම්වාසින් විසින් රෝහල් ගත කිරිමට කටයුතු කර තිබුනී.

මෙම අනතුරට ලක්වු යතුරු පැදියේ ගමන් ගත් අනෙක් තැනැත්තාට කිසිදු තුවාලයක් සිදුව නැති බව කියයි.



අදහස් (1)

හිටපු මන්ත්‍රී ගමන් කළ රියේ ගැටුණු යතුරුපැදිකරුට බරපතලයි

Damunupola Naththandiya Monday, 25 May 2020 11:41 AM

මේ අනතුර සිදුකළ ජීප්රියට අංකයක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14153 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site