(රංජිත් රාජපක්‍ෂ)
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හැටන් ප‍්‍රාදේශීය කාර්යාලය මගින් හැටන් සිට දික්ඔය නගරය දක්වා ජලය රැගෙන යන ජලනලයක දින ගණනාවක සිට ජලය කාන්දුවන බව එම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන හිමියන් හා ප්‍රදේශවාසීහු පවසති.
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාව දැනුවත් කර තිබූණද ජල මෙලෙස දින ගණනාවක සිට ජලය අපතේ යන බව ඔවුහු චෝදනා කරති.
හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ දික්ඔය තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට ප‍්‍රධාන මාර්ගය අසල ජලනලයක් මෙලෙස කැඩි ගොස් තිබේ.
අධික පිඩනයකින් ජලය පහළට ගලා බැසිම නිසා විශාල ජල ප‍්‍රමාණයක් එම ජලනලය පුපුරා ඇති ස්ථානයෙන් කාන්දු වන බව ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් හැටන් ජාතික ජල සම්පාදන ජල ප‍්‍රවහාන මණ්ඩලයේ ස්ථාන භාර නිලධාරි සංජිව අබේධිර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ මෙම ජලකාන්දුව ගැන තමන්ට පැමිණීල්ලක් ලැබි නොමැති බවත් ඒ පිළිබදව වහාම සොයා බලන බවත් ය.




2025 නොවැම්බර් මස 04
696
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2367
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැටන් සිට දික්ඔයට යන වතුර මහ මග
Shantha Tuesday, 18 July 2017 11:42 PM
ප්‍රධාන නලමාර්ග පරික්ෂා කිරීම හෝ කරවීම ඔයාගේ රාජකාරියක් නේද? මේ ගැන කවුරුහරි පැමිණිලි කරන්න ඕනද?